කලාවකට එහා ගිය කලාවක් - ටැටූ
Tattoo කියන්නේ එක්තරා කලාවක්. අපේ සම අලංකාර කරන අංගයක්. අපි විවිධ හේතුන් නිසා tattoo ගහන්න පෙළැඹෙනවා. ආසාවට, මතක සටහනක් විදිහට, ආදරය ප්‍රකාශ කරන්නත් ඇතැම් වෙලාවට tattoo ගහනවනේ . අද කාලෙ ගොඩක් ගැණු ලමයි tattoo එකක් ගහන්න ආසයි. ඒත් හරියට නොදැනීමෙන් ඇතිවන බය නිසාම පොඩි පැකිලීමකුත් ඇතිවෙනවා. මොකද නොගැලපෙනව කියල හිතුනොත් ලේසියෙන් මකලා දාන්නත් බෑ. ඉතිං අද අපි කතා කරමු tattoo ගැන. මේ ලෝකේ පුරා විවිධාකාර tattoo වර්ග තියෙනව. අපි බලමු ඒවායින් විශේෂිත සහ ජනප්‍රිය tattoo වර්ග කිහිපයක් ගැන. Blackwork tattoo - වචනයෙන් කියවෙනවා වගේම තනි කලු පාට tattoo. මේවා ගොඩක් ජනප්‍රියයි වගේම ඕනම skin color එකකට ගැලපෙන නිසාම ගොඩක් අය තමන්ගෙ පලවෙනි tattoo එක විදිහට තෝරාගන්නේ Blackwork tattoos. Watercolour tattoo - මේවා හරිම වර්ණවත්. Watercolour චිත්‍රයක් වගේ. මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය උන tattoo වර්ගයක්. Tribal tattoo - මේ tattoo වලට පාදක වෙන්නේ නොයෙක් ගෝත්‍රික සංස්කෘතීන්. පහළ පින්තූර වල තියෙනව ඒ වගේ tribal tattoos කීපයක්. Lettering tattoos - මොනවා හරි වචනයක්, වාක්‍යයක් ta