Posts

කලාවකට එහා ගිය කලාවක් - ටැටූ

Image
Tattoo කියන්නේ එක්තරා කලාවක්. අපේ සම අලංකාර කරන අංගයක්. අපි විවිධ හේතුන් නිසා tattoo ගහන්න පෙළැඹෙනවා. ආසාවට, මතක සටහනක් විදිහට, ආදරය ප්‍රකාශ කරන්නත් ඇතැම් වෙලාවට tattoo ගහනවනේ . අද කාලෙ ගොඩක් ගැණු ලමයි tattoo එකක් ගහන්න ආසයි. ඒත් හරියට නොදැනීමෙන් ඇතිවන බය නිසාම පොඩි පැකිලීමකුත් ඇතිවෙනවා. මොකද නොගැලපෙනව කියල හිතුනොත් ලේසියෙන් මකලා දාන්නත් බෑ. ඉතිං අද අපි කතා කරමු tattoo ගැන.  මේ ලෝකේ පුරා විවිධාකාර tattoo වර්ග තියෙනව. අපි බලමු ඒවායින් විශේෂිත සහ ජනප්‍රිය tattoo වර්ග කිහිපයක් ගැන.  Blackwork tattoo - වචනයෙන් කියවෙනවා වගේම තනි කලු පාට tattoo. මේවා ගොඩක් ජනප්‍රියයි වගේම ඕනම skin color එකකට ගැලපෙන නිසාම ගොඩක් අය තමන්ගෙ පලවෙනි tattoo එක විදිහට තෝරාගන්නේ Blackwork tattoos. Watercolour tattoo - මේවා හරිම වර්ණවත්. Watercolour චිත්‍රයක් වගේ. මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය උන tattoo වර්ගයක්. Tribal tattoo - මේ tattoo වලට පාදක වෙන්නේ නොයෙක් ගෝත්‍රික සංස්කෘතීන්. පහළ පින්තූර වල තියෙනව ඒ වගේ tribal tattoos කීපයක්. Lettering tattoos - මොනවා හරි වචනයක්, වාක්‍යයක් ta

Fashion කරන්න කලින් හිතන්න කරුණු 4ක්

Image
ගැණු ලමයි හැමෝම ලස්සනට ඉන්න ආසයි නේ. ඇඳුම් කියන්නේ අපේ ලස්සන වැඩි කරන ආභරණයක්. ඒත් අපි ගොඩක් වෙලාවට දකිනවා සමහරු ඇඟේ හැඩයට හරියට නොගැලපෙන ඇඳුම් ඇඳලා ස්වභාවික ලස්සනත් වහගන්නවා. ටිකක් මහත ගැණු ලමයින්ට ගොඩක් මේ ප්‍රශ්නෙ තියෙනවා. මොකද chubby අපිත් ආසයි නේ අලුත් අලුත් fashion කරන්න. ඒත් නොගැලපෙන ආකාරයට fashion කරන්න ගිහින් අපි විසින්ම අපිව කැත කරගන්නවා. ඉතින් අද අපි බලමු කොහොමද chubby අපේ ලස්සන ඉස්මතු වෙලා පේන විදියට casual ඇඳුම් තෝරා ගන්නේ කියලා. විශාල ඇඳුම් මහත අපි ගොඩක් වෙලාවට කරන වරදක් තමයි අපේ මහත වැහෙන්න කියලා විශාල ඇඳුම් අඳිනවා. ඒත් ඇත්තටම ඒ විශාල ඇඳුම් ඔයාව තවත් මහත් කරල පෙන්නනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට සරිලන ඇඳුම් ගන්න මතක තියාගන්න. ඒත් මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ fashion එකක් නෙ baggy clothes. denim එකට baggy shirts අඳින එක, baggy ගවුම් විලාසිතා මේ දවස් වල නිතර දකින්න පුළුවන්. විශාල ඇඳුම් අඳින්න එපා කිව්වා කියලා අපි විලාසිතා නොකර ඉන්න ඕන නෑ. Baggy ඇඳුම් අඳින්න ආසයි නම් සිල්ක් හෝ ටී ෂර්ට් material වලින් මහපු ඇඳුම් තෝරාගන්න. සිල්ක් ඇඳුම් ල