කලාවකට එහා ගිය කලාවක් - ටැටූ




Tattoo කියන්නේ එක්තරා කලාවක්. අපේ සම අලංකාර කරන අංගයක්. අපි විවිධ හේතුන් නිසා tattoo ගහන්න පෙළැඹෙනවා. ආසාවට, මතක සටහනක් විදිහට, ආදරය ප්‍රකාශ කරන්නත් ඇතැම් වෙලාවට tattoo ගහනවනේ . අද කාලෙ ගොඩක් ගැණු ලමයි tattoo එකක් ගහන්න ආසයි. ඒත් හරියට නොදැනීමෙන් ඇතිවන බය නිසාම පොඩි පැකිලීමකුත් ඇතිවෙනවා. මොකද නොගැලපෙනව කියල හිතුනොත් ලේසියෙන් මකලා දාන්නත් බෑ. ඉතිං අද අපි කතා කරමු tattoo ගැන. 

මේ ලෝකේ පුරා විවිධාකාර tattoo වර්ග තියෙනව. අපි බලමු ඒවායින් විශේෂිත සහ ජනප්‍රිය tattoo වර්ග කිහිපයක් ගැන. 

Blackwork tattoo - වචනයෙන් කියවෙනවා වගේම තනි කලු පාට tattoo. මේවා ගොඩක් ජනප්‍රියයි වගේම ඕනම skin color එකකට ගැලපෙන නිසාම ගොඩක් අය තමන්ගෙ පලවෙනි tattoo එක විදිහට තෝරාගන්නේ Blackwork tattoos.




Watercolour tattoo - මේවා හරිම වර්ණවත්. Watercolour චිත්‍රයක් වගේ. මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය උන tattoo වර්ගයක්.



Tribal tattoo - මේ tattoo වලට පාදක වෙන්නේ නොයෙක් ගෝත්‍රික සංස්කෘතීන්. පහළ පින්තූර වල තියෙනව ඒ වගේ tribal tattoos කීපයක්.



Lettering tattoos - මොනවා හරි වචනයක්, වාක්‍යයක් tattoo එකක් විදිහට ගහන එක තමයි Lettering tattoo කියන්නේ 



Memorial tattoo - මේක නම් ටිකක් විශේෂ tattoo වර්ගයක් මෑත කාලයේ ජනප්‍රිය උන. මැරුණු කෙනෙක්ගෙ සිහිවටනයක් වශයෙන් තමයි මේ tattoo එක ගහන්නෙ. මේකේ විශේෂත්වය තමයි tattoo එකට පාවිච්චි කරන ink එකට මැරුණු කෙනාගේ අළු ස්වල්පයක් එකතු කරන එක. මේක ලංකාවේ නම් දැනට වෙන්නේ නෑ මම දන්න තරමින්.



උඩ කියපු tattoo වර්ග වලින් මුල් 4ම ලංකාවේ ගොඩක් බහුලව දකින්න පුළුවන්. ඉතිං tattoo ගහන්න ආසාවෙන් ඒත් බයෙන් ඉන්න අයට පොඩි උපදෙස් ටිකක් දෙන්නම් බය නැති කරගන්න.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි tattoo එක ගහද්දි රිදෙනවද කියන එක. රිදෙන්නේ නෑ කිවුවොත් බොරු. ඒත් කූඹියෙක් කනව වගේ සියුම් වේදනාවක් ඒක. හැබැයි bone එකක් උඩ නම් ටිකක් වැඩියෙන් රිදෙනවා. දරාගන්න බැරි වේදනාවක් නෙමෙයි. ඇඟිලි වල, පපුවේ , පිටේ (backbone එක උඩ නෙමේ) , thigh එකේ වගේ tattoo ගහද්දි වේදනාව අඩුයි. ඉතිං ඔයා රිදෙනවට බයයි නම් ඒ වගේ තැනක් තෝරගන්න පුළුවන්. 

අනිත් එක ඔයා තෝරාගන්න tattoo parlour එක ගැන හොඳට අධ්‍යනය කරන්න. එයාල කොච්චර ආරක්ෂාකාරී ද බලන්න. එයාලගෙ pages වලට ගිහින් reviews බැලුවාම ගොඩක් විස්තර හොයාගන්න පුළුවන්. අනිත් එක විවිධ tattoo artists ලා එක් එක් tattoo වර්ග වලට දක්ෂයි. හොඳ tattoo artist කෙනෙක් තෝරගනිද්දී ඔයාට ඕන tattoo එකට සමාන tattoos එයා කලින් කරල තියේද බලන්න. ඒවගෙ quality එක බලන්න. උදාහරණයක් කිවුවොත් ඔයාට ඕන Watercolour tattoo එකක් නම් කවදාවත් Watercolour tattoo නොකරපු කෙනෙක් ලඟට යන්න එපා. තව දෙයක්, tattoo එකට සැලකිය යුතු ගාණක් යනවා. Tattoo එක කියන්නේ සදාකාලිකව තියෙන දෙයක් නේ. ඒ නිසා ගාන ගැන හිතනවට වඩා quality එක ගැන හිතන්න. 

ඊළඟ ප්‍රශ්නෙ තමයි ගැලපෙන tattoo එකක් තෝරාගන්න එක. Internet එකේ search කරාම design ඕන තරම්. හැබැයි තෝරගනිද්දී මුලින්ම හිතන්න ඔයා කැමතිම දේ මොකක්ද කියලා. මොකද tattoo එක හැමදාම අපිත් එක්ක තියෙන නිසා හොඳට හිතල බලල තෝරගන්න. ඔයාගෙ පලවෙනි tattoo එක නම් පොඩි එකක් තෝරගන්න. අනිත් එක පලවෙනි tattoo එක black එකක් වෙනව නම් හොඳයි. මොකද colourful tattoos වල සමහර colours ඔයාගෙ skin එකට ලස්සනට පේන්නේ නැති වෙන්න පුළුවන්. තව lettering tattoos වලට යද්දී ඔයා තෝරගන්න quote එක ගැන සැලකිලිමත් වෙන්න. දැන් trend එකක් තියෙනවා latin වගේ foreign language වලින් quotes ගහන. ඒ quotes වල තේරුම ගැන හොඳට හොයල බලල තෝරගන්න. 

ඔයා tattoo එක ගහන්න යද්දී tattoo එක ගහන තැන නිරාවරණය කරන්න පුළුවන් ඇඳුමක් ඇඳගෙන යන්න මතක තියාගන්න. නැත්තම් parlour එකට ගිහින් අපහසුතාවට පත් වෙනව නේ. පොඩි දෙයක් තමයි. ඒත් ගොඩක් අයට අමතක වෙනවා. 

වැදගත්ම දෙයක් තමයි ඔයාට සමේ අසාත්මිකතා තියෙනව නම් tattoo artist ට කලින්ම කියන්න. නැත්නම් tattoo එකට ප්‍රශ්න වෙන්න පුළුවන්. 

ඒ වගේම tattoo එක ගැහුවට පස්සෙ aftercare හරිම වැදගත්. දවස් 3 ක් වත් යනකල් වතුරෙන් කෙලින්ම තෙමන්න එපා. Vasline එකක් අරන් නාන්න කලින් tattoo එක උඩ Vasline ටිකක් ආලේප කරල නාන්න. තව tattoo artist උපදෙස් දෙයි මොනවද කරන්න ඕන කියලා. 

මේ දේවල් කියවල ඔයත් බය නැතිව ලස්සන tattoo එකක් ගහගෙන අපිටත් විස්තර කියන්න. මීට අමතරව තවත් tattoo ගහද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒවත් comment එකක දාන්න අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

Fashion කරන්න කලින් හිතන්න කරුණු 4ක්