Fashion කරන්න කලින් හිතන්න කරුණු 4ක්


ගැණු ලමයි හැමෝම ලස්සනට ඉන්න ආසයි නේ. ඇඳුම් කියන්නේ අපේ ලස්සන වැඩි කරන ආභරණයක්. ඒත් අපි ගොඩක් වෙලාවට දකිනවා සමහරු ඇඟේ හැඩයට හරියට නොගැලපෙන ඇඳුම් ඇඳලා ස්වභාවික ලස්සනත් වහගන්නවා. ටිකක් මහත ගැණු ලමයින්ට ගොඩක් මේ ප්‍රශ්නෙ තියෙනවා. මොකද chubby අපිත් ආසයි නේ අලුත් අලුත් fashion කරන්න. ඒත් නොගැලපෙන ආකාරයට fashion කරන්න ගිහින් අපි විසින්ම අපිව කැත කරගන්නවා. ඉතින් අද අපි බලමු කොහොමද chubby අපේ ලස්සන ඉස්මතු වෙලා පේන විදියට casual ඇඳුම් තෝරා ගන්නේ කියලා.

විශාල ඇඳුම්

මහත අපි ගොඩක් වෙලාවට කරන වරදක් තමයි අපේ මහත වැහෙන්න කියලා විශාල ඇඳුම් අඳිනවා. ඒත් ඇත්තටම ඒ විශාල ඇඳුම් ඔයාව තවත් මහත් කරල පෙන්නනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට සරිලන ඇඳුම් ගන්න මතක තියාගන්න.

ඒත් මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ fashion එකක් නෙ baggy clothes. denim එකට baggy shirts අඳින එක, baggy ගවුම් විලාසිතා මේ දවස් වල නිතර දකින්න පුළුවන්. විශාල ඇඳුම් අඳින්න එපා කිව්වා කියලා අපි විලාසිතා නොකර ඉන්න ඕන නෑ. Baggy ඇඳුම් අඳින්න ආසයි නම් සිල්ක් හෝ ටී ෂර්ට් material වලින් මහපු ඇඳුම් තෝරාගන්න. සිල්ක් ඇඳුම් ලොකු උනත් ඇඟට ඇලිලා තියෙන නිසා මහත බව අඩු කරලා ඇඟේ හැඩය මතු කරලා පෙන්නනවා. තව cotton, viscous වගෙ material වලින් මහපු baggy shirts, blouse අඳිද්දී tuck කරල අඳින්න පුළුවන්. නැත්නම් ඉදිරිපසින් gather කරල ගැටයක් ගහන්න පුළුවන් පහළ පින්තූරෙ පෙන්නලා තියෙන ආකාරයට. එහෙම ගැටයක් ගැහුවම ඉණ ලඟින් එකතු වෙලා නිසා ඉණේ හැඩය ලස්සනට මතු වෙලා පේනවා. ඒ වගේම baggy ගවුමක් අඳිනවා නම් ඒකට හරියන belt එකක් එක් කර ගන්න පුළුවන්. Belt එකත් ඉණේ හැඩය ලස්සනට පේන්න උපකාරී වෙනවා.



වර්ණ

සාමාන්‍යයෙන් ඇඳුම් වල පාට තෝරාගන්නේ හමේ පැහැයට ගැලපෙන්නෙ නේ. ඒත් ඔයාලා දන්නවද සමහර වර්ණ වලට පුළුවන් අපිව කෙට්ටු කරලා පෙන්නන්න. විශේෂයෙන්ම කළු වගේ තද වර්ණ වලට හැකියාව තියෙනව බලන කෙනාගේ අවධානය වර්ණයට යොමු කරගෙන ඔයාව කෙට්ටු කරල පෙන්නන්න. ඒ නිසා 

ඇඳුම් තෝරා ගනිද්දී කළු, තද නිල්, තද කොළ, අළු වගේ වර්ණ වලින් තෝරාගන්න උත්සාහ කරන්න. Denim එකක්‌ ගනිද්දි උනත් ලා නිල්, සුදු වගේ පාට වලින් ගන්නවාට වඩා තද නිල්, කළු වගේ පාට වලින් ගත්තා නම් කකුල් කෙට්ටු කරලා පෙන්නන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ලා පාට වලට කැමති කෙනෙකුට නම් තද පාට denim එකට ලා පාට ටොප් එකක් අඳින්න පුළුවන්. ලස්සනට තියෙයි.



Prints

අද වෙළෙඳපොලේ විවිධාකාර printed ඇඳුම් තියෙනව. Floral prints, animal prints, stripes, polka dots ඒ අතරින් සමහරක්. මේ විවිධාකාර prints වලින් chubby අපිට ගැලපෙන්නේ මොනවද කියල බලමු. Floral prints ගන්නවා නම් ඉතා කුඩා මල් තියෙන ඇඳුම් ගන්න සැලකිලිමත් වෙන්න. මොකද ලොකු prints තියෙන ඇඳුම් අපිව තවත් ලොකු කරලා පෙන්නනවා. ඒ වගේම polka dot pattern වලත් කුඩා dot තියෙන ඇඳුම් තමයී ඔයාට ගැලපෙන්නෙ. Animal prints නම් ඕනම කෙනෙකුට ලස්සනයි. ඒත් ටිකක් පොඩි ප්‍රින්ට් තියෙන ඇඳුම් ගන්න උත්සාහ කරන්න. ඊට අමතරව striped ඇඳුම් අඳිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. දිග අතට ඉරි තියෙන ඇඳුම් ඔයාගෙ උස වැඩි කරලා පලල අඩු කරලා පෙන්නනවා. ඒත් හරස් අතට තියෙන ඉරි අපිව තවත් මහත් කරලා පෙන්නනවා. ඒ නිසා හරස් අතට ඉරි තියෙන ඇඳුම් වලින් වළකින්න පුළුවන් නම් හොඳයි.





Design 

ටිකක් chubby කෙනෙක්ට ගැඹුරු කරක් තියෙන ඇඳුම් වලින් මහත අඩු කරලා පෙන්නන්න පුළුවන්. ටිකක් ලොකු bust එකක්‌ තියෙන කෙනෙක්ගෙ මහත අඩු කරන්න ගැඹුරු කර උපකාරී වෙනවා. ඒ වගේම අපේ collarbone එක පෙනෙන්න ඇන්දම පොඩි sexy look එකක් එනවා. 

අත් වල මහත අඩු කරලා පෙන්නන්න ඕන නම් වැලමිට ළඟට හෝ ඊට වඩා දිගු අත් යෙදූ ඇඳුම් භාවිතා කරන්න පුළුවන්. එතකොට අතට යන අවධානය අඩු වෙනවා. 

තව pants ගනිද්දි පුළුවන් තරම් skinny jeans ගන්න උත්සාහ කරන්න. එතකොට කකුල් දිගු වෙලා පේනවා. Bell bottoms වගේ pants වලින් කකුල් වල මහත ටිකක් වැඩියෙන් පේනවා. Bell bottom pants අඳින්න ආස නම් පහළ පින්තූරෙ තියෙනව වගේපහළ කොටස බෙල් හැඩයට තියෙන pant එකක් තෝරගන්න. 

අනිත් එක තමයි peplum වගේ රැළි ගොඩක් තියෙන style chubby අයට ගැලපෙනව අඩුයි. ඒ වගේම skirts ගවුම් තෝරා ගනිද්දී A-line හෝ tight styles තෝරාගන්න. හොඳටම ගැලපෙන්නෙ A-line skirts තමයි. 

Shoes දාද්දි පුලුවන් නම් ටිකක් උස block heels දාන්න. එතකොට උස වැඩි වෙලා පේනවා. අමුතු confidence එකකුත් එනවා. Block heels වලින් ශරීරයට වෙන හානියත් අවමයි. 


අවසාන වශයෙන් මොන ඇඳුම ඇන්දත් ආත්ම විශ්වාසය ඇතිව අඳින්න. එතකොට ඕනම style එකක් ඔයාට ලස්සනට තියේවි. උඩ tips ටික follow කරලා බලන්නකෝ. ඊට අමතරව තවත් tips තියෙනව නම් අපිටත් කියන්න. 


Comments

Popular posts from this blog

කලාවකට එහා ගිය කලාවක් - ටැටූ